Monday, 7 June 2010

අලුගුත්තේරු

අලුගුත්තේරු

ඇසෙන කුරහඬ නවම කුරහඬ
මතකය ගිණිගෙන දැවෙන කම්හල
රත්වුනු මයිනහම
අලුගුත්තේරු පිළිතුර
දැවෙයි මා රත්වුනු යකඩය
රත්වුනු මයිනහම
අලුගුත්තේරු සිත්වදන

ගිණියම් ලාඩම් වැදෙයි දැන්
අශ්ව කුරමත
වෙව්ලන පපු කුහරය
වේවලන නාස්පුඩු
දැනේවි දැවුනු හුස්මක හඬ
අලුගුත්තේරු පිළිතුර

නියම පා කුර
ඇසේවි කුරහඬ
නවම කුරහඬ
යටපත් කරමින්
අලුගුත්තේරු පැනයේ හඬ

Monday, 8 March 2010

නෙතු පුරා දැල්වුනු පැතුමන් !

කලබලයෙන් ඉවසිල්ලෙන්
දෙනෙත් මගේ වැසෙයි හිමින්
නැවත උපන් බොඳ පැතුමෙන්
විවර වෙයි දෙනෙත්......


පලමු මොහොතේ ගිණිගත් සඳ
නිවාලන්න ඒ මුලු සඳ
අයදියි හදවත සිසිලස
උමුතුව දුර අදුරේ ඇදී......
ගොලු වූ රන් තාරකාවෝ
සෙමින් සෙමින් බිමට වඩී.......


උස් වූ දොර පියන් පතේ
මම අයදිමි නැවත වරක්
බොඳ පැතුමන් නැතිවනු වස්
වැසි තිබෙනු නොපෙනි මගෙන්


උණු මුදු මේ කදුලු බිංදු - එවිට නොපෙනි යයි සදහට
බොඳ වූ පැතුමට වැඩියෙන්
දරදරඬු වූ ජිවිතේට ආදරේ මමනම් !!!

Monday, 4 January 2010

ජීවිතය බොහෝ දුර

ජීවිතය බොහෝ දුර
ඔය දකින දිවිය නොව
බොළද බස් කතා නොව - හිරිමල් හිනා නොව
ඉන් එහා දුර ගිය මිරිඟුවකි සිත සිඹින


මුදු දෙපතුල් ගිනියම් වෙවි රැස්වලින් හිරුගේ සිරුර ගිනි ගෙන දැවි
වියලි ලේ රැදුනු තොල් සිඹින්නට පැන් පොදක් නැති
ගිණිකතර මත තනිව හිද හෙටක් ගැන හිතද්දි
ජිවිතය හැඳින්නෙමි - උණුසුමත් දැරිය යුතු බව


කට්ට කලුවර පුංචි කාමරවල දිනගනන් ගෙ‍වෙද්දි
දාහය දැනි අඩන්නට කදුලු නැති වී හිසම ගි‍ණිගනිද්දි
කොපුල් මත රැදි දූ පිසින්නට සිතක් නැතිවී අවුල් වූ හිස්ඇතිව
ජිවිතය දැක්කෙමි - දූවිල්ල දැරිය යුතුබව


අවජාතකව වැදූ උන්ගේ සාගින්න අසද්දි
ඇගේ දුක්ගීය දෙනෙත් අස්සෙන් කීයද්දි
නොමැතිබව පිළිසරණ දහස්වර හිත කියද්දී
ජීවිතය හැදින්නෙමි - කුසිගින්න උරුමබව


ගතරුහිර මිදිගල්වී ලේනාල සැලෙද්දි
එකමඑක ඇදුමකින් සැරසිලා සීතලේ දුර යද්දි
සුදුම සුදු හිම පියලි , නාසයෙන් වැටි ඒ ලෙයින් රතු වෙද්දි
ජීවිතය හැඳින්නෙමි.... සීතලත් දැරිය යුතු බව


දෙනෙත් නිල් පුලිඟු මෙන් රෝසකල කොපුල් ඇති
සොදුරු නොසිදිස අබිසරලියන්ගේ නුරාවන් දකිද්දි
සැලුනු සිත් ඇතිව ඇති ඈටම පානගද්දි
මඟින්මඟ ඈ පැමින කියූ දුක් ගීය අසද්දි
ජිවිතය හැඳින්නෙමි - සඟවගත් දුක්ගිනි තවතවත් ඇතිබව


කතාවට තබා සිනාසෙන්නටවත් ආල කෙනකුන් ලගනොරැදි
ගද ගහන දිගු මාවත්තුල සොයමින්යමක් උදේ රෑ ගෙවද්දි
බඩට බත් මුවට පැන් නැතිව හද රිදවමින් පාතබද්දි
ජීවිතය හැදින්නෙමි - හුදකලාවත් කලාවක් බව


අනෝරා දුක් වැසි වැටෙද්දි
අකුණු හෙණදිදී හදවතම සැලෙද්දි
මුනිවතම මිස විසදුමක් නැතිව ලතවෙද්දි
ජීවිතය හැදින්නෙමි - ඉවසීම තවත් රැකගතයුතු බව


සුවපහසු අසුන්මත වැදගතුන් සමඟින් රස බොජුන් ගනිද්දි
ලෙලෙන දිදිලෙන මිණි සලුවලින් සැරසි හිමින් පඬි නගිද්දී
නිසිම දේ ඇතිලෙසින් සුඛයන්ම විදිද්දි
ජීවිතය හැඳින්නෙමි - ලෝකයක් තුල තවත් ලෙව් ඇතිබව


ලඳ බොලඳ නොපවතින බොහෝ දේ ඇසෙද්දි
තනිවම සිනාසි සිතා ගමි ජීවිතය බොහෝදුර ඇතිබව
ඔය දකින දිවිය නොව
බොලඳ බස් කතානොව - හිරිමල් හිනා නොව
ඉන් එහා ‍දුර ගිය මිරිඟුවකි සිත සිඹින

Saturday, 24 October 2009

කත් බැඳන් ගත් සසර

කත් බැඳන් දැන් සත් සසර දැන්
යනෙන නොපෙනන සයුරු සිව් කොන්
දික් දුරින් ගෙන බැලුව කම් රන්
ඉහ උඩින් පිරි සිහින රන් හුන්

සිත් විස්කම්

බාල බොලඳ තරු හිනැහෙන සිත්කම්
පෑම නොදැක්කා ලෙස සිට සා විස්කම්
අසුර සේන බලමහිමෙන් දැක දස්කම්
සහස් පතක ලියවෙයිදෝ ඒ රන්කම්

මා සොයන නදීතෙර

ඇසේ හඩ මට කන් දෙදරවා
මගේ කව තුල නොදරන් මා කව
එහෙත්
මගේ කව තුල රදවන්න සිතේ මා කව

පෙරදිගෙන් හමා එන සුලඟ
සුලිසුලඟක්ව කඩා බිඳ දමා ...
තුරුවදුලු බිය වී සැඟව ගත්කල
එහෙත් පෙරසේම ගලා යයි මා නදිය

ඈත ගිණි කඳු
පුපුරවා සුණු විසුණුකර මහපොලව
ගිණි පුපුරු දවාලයි
මොහොතකට වළා දෑලම
එහෙත් නොනවතින මා නදිය යයි පතා නිම්නය

මහ මුහුද රුදු වී
ලබා ගන්නට මුලු මිහිකතම
කෑගසා උරණ වී
සියලු පස වසා ගන්නට වෑයමක
එහෙත්
යයි ඈ මා නදිය නොනිමි නිම සොයන්නට !

Wednesday, 29 July 2009

සිත නොරිද්දන සිත සොයා

ලබන්නට සදදිය
ලැබිය යුතු සිත සතුට
සිතපුරා විදින්නට.......
පෑහියයුතුය සිත නොරිද්දන සිතකට


මුලු ලෙව් පුරා
සිත නොරිද්දන සිත සොයා
මම යමි සිසාරා
තුණුවග සිත දරා


මහත් සිත් ඇත්තන්
ලදන් ආසා සිතින් දන්නන්
ඇයට වැටකොටු නොබැද්දන්
සුදු හමක් ඇති සුද්දන්

සිතින් ඇය රකින්නන්
ඇගේ ආලය දන්නන්
සපුරලමින් ඇගේ අඩුවන්
සැරදේ කලු හමක් ඇති දමිල ඇත්තන්


කාමුකව සිත් ගිලන් උන්
දැන නෙදැන පතිනි අගයන්
දී ඇයට සම නිදහස්
බොකටු හිසකෙස් දරන කල්ලන්


රුව දැකුම වැලකුමට අන් දනන්
වසන් කර රකිති ඈ රිදී සලුවෙන්
සරසවා නිති බරණින්
දරයි ඈ අල්ලා නාමයෙන්


දුටිමි සිරි මුලු ලොව පුරා පුංසිත්
ගනිමි තෝරා ඇසට සපිරුනු පුංසිත්
දනිමි නිදහස වටිනබව මාසිත්
රැදෙමි සුදු හමක් ලග සදිසි මාසිත්